> CCNA සහතිකය Expire නොවී තියාගන්නේ කොහොමද ? - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Friday, May 20, 2016

CCNA සහතිකය Expire නොවී තියාගන්නේ කොහොමද ?


CCNA Re-certification

සම්මතය අනුව තාක්ෂණය සෑම වසර 3කට වරක්ම යාවත්කාලීන වන නිසා සියලුම විභාග සහ සහතික වසර 3ක් සඳහා වලංගු වෙන අතර CCIE සහතික පමණක් වසර 2ක් වලංගු වේ. තම සහතිකය අවලංගු වීමට මත්තෙන් එම විභාගයම හෝ ඊට ඉහල අදියරේ විභාගයක් කර සහතිකයේ වලංගු භාවය තවත් වසර 3කට දීර්ඝ කරගත හැකිය. උදාහරණයක් හැටියට, හිතන්න ඔබගේ ICND 1 නැත්නම් CCENT සහතිකය තව නොබෝ දිනකින් කල් ඉකුත්වේනම්, ඊට පෙර ICND 2 හෝ ICND 1 නැවත කිරීමෙන් යාවත්කාලීන කිරීම කල හැක.

ඔබට යාවත්කාලීන කල යුත්තේ CCNA R&S සහතිකය නම්, ඒ සඳහා ක්‍රමවේද 3ක් ඇත. CCNP R&S සහතිකපත්‍ර පෙළගැස්මට අන්තර්ගත Routing හෝ Switching විභාග වලින් 1ක් කිරීම, CCNA Security, CCNA Voice, CCNA Wireless වැනි සම මට්ටමේ ඇති වෙනත් තාක්ෂණික කරුණු ඇතුලත් සහතික පතක් ලබාගැනීම හෝ නැවත CCNA R&S කිරීම මෙම මාර්ග 3න වේ.

එසේම හිතන්න ඔබ CCNA R&S, CCNA Security, CCNP R&S වැනි සහතික කිහිපයකට හිමිකම් කියනවා කියා, එවිට යාවත්කාලීන කිරීම සඳහා මේ සියලු විභාග නැවත කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ලබාගත් ඉහලම සහතිකයේ යාවත්කාලීන කිරීම පමණි. එනම් CCNP R&S යාවත්කාලීන කිරීම පමණි. ඒ සඳහා දැනට පවතින විභාග අංක අනුක්‍රමිකයන් අනුව '300-XXX' යටතේ ඇති එක විභාගයක් කිරීම ප්‍රමාණවත්ය.

මම හිතනවා ඔබ Cisco පිළිබඳවත් CCNA පිළිබඳවත් පැහැදිලි අදහසක් මේ ලිපියෙන් ලබා ගත් බව. ඉදිරියේදී සියලුම විභාග කරුණු මෙම බ්ලොග් අඩවියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන බැවින් ඔබට ආරාධනා කරනවා මෙම බ්ලොග් අඩවිය සමග රැඳී සිටින්නට.

1 comment :

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger