> CCNA R&S විභාගය 200-125 ලෙස වෙනස් වේ....! - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Friday, May 20, 2016

CCNA R&S විභාගය 200-125 ලෙස වෙනස් වේ....!

Cisco Certification levels
2013 ඔක්තෝම්බර් මස සිස්කෝ සමාගම විසින් පැරණි CCNA සහතිකපත් විභාගය යාවත්කාලීන කර CCNA Routing & Switching ලෙසට නැවත හඳුන්වාදීමක් සිදු කරන ලදී. එහි නවතම සම්මත විභාග ක්‍රමාංකය 200-125 ලෙස මේ වසරේ (2016) සැප්තැම්බර් මස සිට වෙනස් වෙයි. මින් පෙර එය 200-120 ලෙස සටහන් වී තිබිණ. එසේම මින් පෙර CCNA යනු රූපයේ දැක්වෙන ඉහල අදියරයන් (CCNP)සඳහා මූලික සුදුසුකම විය. නමුත් දැන් එය CCENT (Cisco Certified Entry Network Technician / සිස්කෝ සහතිකලත් පදනම් ජාලකරණ තාක්ෂණශිල්පී)   බවට පරිවර්තනය කර ඇත.

CCNA R&S සහතිකය ලබා ගැනීමට ක්‍රම 2ක් ඇත. එක් ක්‍රමයක් වන්නේ CCNET සහතිකය හෙවත් ICND 1 (100-105) විභාගය සහ ICND 2 (200-105) සමත් වීම හෝ කලින් සඳහන් කල 200-125 නැමති සංයුක්ත (Composite) විභාගය සමත් වීම වේ. මුලසිට හදාරන්නෙකුට ICND 1 සහ ICND 2 මාවත ඉතා හොඳ අඩිතාලමක් සපයන අතර දැනට යම් දැනුමක් ඇත්තන් හට CCNA R&S 200-125 වඩාත් ඉක්මන් මාර්ගය වෙයි. මූලික දැනීම අඩු කෙනෙක් දින 15 හෝ මාසයකින් CCNA R&S සමත් වීමට විවිධ ආයතනවල ඇති පාඨමාලා සමග සම්බන්ධවීම යනු තම කාලය, මුදල වැය කර ප්‍රයෝජනයකට ගත නොහැකි සහතිකයක් ලඟ තබා ගැනිමකි. මක්නිසාද, කටපාඩමින් විභාගය ලියා සමත් වුවද හරියාකාර පදනමක් සහ ප්‍රයෝගික දැනීම නොමැතිව මේ ක්ෂේත්‍රයේ රැකියා නොලැබෙන නිසාය. අලියා නැතිව හෙන්ඩුව කුමකටද?

මේ නිසා, පහත සඳහන් වෘතිය සහතිකයන් ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි දැනුම ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පවතින Cisco Networking Academy වෙත යොමුවන්න. (උදා: මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටි Cisco Networking Center). Cisco Networking Academy තුලින් ඉගෙන ගන්නා ඔබට පහත විභාග ගාස්තු වලින් 58% ක අඩු කිරීමක් (වට්ටමක්) ලබා ගැනීමද තවත් එක් වාසියක් සේ සැලකිය හැක.

100 - 105 : Interconnecting Cisco Networking Devices 1 (ICND1) - 150 USDs

200 - 105 : Interconnecting Cisco Networking Devices 1 (ICND2) - 150 USDs

හෝ

200 - 125 : Cisco Certified Network Associate Routing & Switching (CCNA R&S) - 295 USDs 

නව CCNA R&S විභාගය තුල පහත සඳහන් නව එකතු කිරීම අන්තර්ගත වන බව හොඳින් මතක තබා ගන්න.
VTP, Extended VLANs සහ DTP
Multi-VLAN පිලිබඳ ගැටළු
Switch Stacking
HSRP ස්ථාපනය
Multi-area OSPF පිලිබඳ ගැටළු
WAN Typologies DMVPN
PPoE සහ eBGP ස්ථාපනය
IPv6 ACL Errors
LAN Security
SNMP v3
SPAN
QoS
Cloud සහ Virtualization
Network Programming 
මෙහි සඳහන් වන්නේ ICND 2 විභාගයට පමණක් අදාල වෙනස්වීම් වන අතර ICND 1 වල ඇති වෙනස්කම්"Cisco Certified Entry Network Technician සහතිකය අලුත් වෙයි..!" ලිපියේසඳහන් කර ඇත.

Post a Comment

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger