> Cisco Certified Entry Network Technician සහතිකය අලුත් වෙයි....! - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Friday, May 20, 2016

Cisco Certified Entry Network Technician සහතිකය අලුත් වෙයි....!

Cisco CCENT

2007 වර්ෂයේදී CCNA සහතික පත්‍ර විභාගයේ ව්‍යුහයේ විශාල වෙනසක් සිදු විය. එනම් සිස්කෝ සමාගම විසින් CCNA විෂය කරුණු කොටස් 2කට බෙදා පළවෙනි කොටස, දෙවැනි කොටස ලෙස නම් කිරීමයි. Interconnecting Cisco Networking Devices 1 (ICND1) සහ  Interconnecting Cisco Networking Devices 2 (ICND2) ලෙස විභාග 2ක කට වෙන් කිරීම සිදුවිය. 

එය එසේ වුවත්, එක් විභාගයකට පමණක් පෙනීසිට CCNA ලබාගැනීමේ අවස්ථාව (CCNA Composite exam) මේ දක්වා දිගටම Cisco විසින්  පවත්වාගෙන යයි. මේ නිසා ICND 1 සහ ICND 2 යන විභාග 2ක සමත් වීමෙන් හෝ CCNA Composite විභාගය සමත් වීමෙන් CCNA R&S සහතිකය ලබා ගත හැක.

මේ සමගම ICND 1 සමත් වූවන්ට CCENT (Cisco Certified Network Entry Technician) වෘතිය සහතික පත්‍රය ලබාදීමට තීරණය විය.

2016 සැප්තැම්බර් මාසයේ සිට ICND 1 නවතම විභාග ක්‍රමාංකය වන 100-105 ලෙසත් ICND 2 200-105 ලෙසත් වර්ගීකරණය කර ඇත. එසේම පෙර පරිදිම සියලුම සිස්කෝ සහයක මට්ටමේ සහතික (Associate level certificates) CCNA Security, CCNA Voice, CCNA Wireless වැනි විභාග වලට මූලික සුදුසුකම ලෙස CCENT සහතිකය නම් කර ඇත

100-105 විභාගය, කලින් තිබු 100-101 විභාගයට වඩා සුළු වෙනස්කම් ප්‍රමාණයකින් සමන්විතය.ඒ අතර පහත කාරණා විශේෂයෙන් සඳහන් කල හැක.
  • Wireless Controller and Access Points පිලිබඳ හැඳින්වීමක් 
  • Network Firewall ස්ථාපිත කිරීම පිලිබඳ හැඳින්වීමක්
  • Network Security in IPv6 පිලිබඳ මූලික දැනීම
ICND 1 කිරීම සඳහා කිසිඳු පුර්ව සුදුසුකමක් අනවශ්‍ය වන අතර මගේ මතය නම් CompTia Network+ හෝ එහා සමාන දැනුමක් ලබාගත හැකි සුදුසුකමක් ඇත්නම් එය CCENT සහතිකය ලබා ගැනීමට මහත් රුකුලක් වේය යන්නය.

Post a Comment

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger