> කවුද මේ Cisco Systems ? - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Friday, May 20, 2016

කවුද මේ Cisco Systems ?


Sandra Lerner සහ Leonard Bosack ඇමරිකා එක්සත් ජනපදයේ ඇති Stanford විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරතුරේ 1984 වර්ෂයේදී ඉතා කුඩාවට අරඹන ලද Cisco Systems Inc අද වන විට ලොව විශාලතම පරිගණක ජාලකරණ දෘඩාංග නිපදවන බහුජාතික සමාගමක් ලෙස නම් දරා සිටියි. කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් ජෝස් (San Joes) හි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Cisco සමාගම  පරිගණක ජාලකරණ දෘඩාංග නිපදවීමේ පුරෝගාමියා ලෙසද හැඳින්විය හැක. ඔවුන් විසින් සකස් කරන ලද සිස්කෝ වෘතිය සහතිකපත් පෙළ නිසා අලුතින් තොරතුරු තාක්ෂණ/ පරිගණක ජාලකරණ වෘතීන්ට යොමුවන්නන් හට සිස්කෝ තාක්ෂණය ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. මේ නිසා දැනට සිස්කෝ තාක්ෂණය සහ දෘඩාංග පාවිච්චි කරන (පරිගණක ජාලවලින් 50% කට වැඩි) පාරිභෝගිකයින්, භාණ්ඩ හා සේවා සපයන ආයතන තුල විශාල රැකියා අවස්ථාවන් නිර්මාණය වේ.  එසේම එම ආයතන සිස්කෝ සහතික ලත් පුද්ගලයින් සේවයට යොදා ගැනීම හරහා සිස්කෝ සමාගමෙන් ඔවූනට භාණ්ඩ හා සේවා සඳහා වට්ටම් පිරිනැමීමක්ද සිදුවේ. එසේ හෙයින් සිස්කෝ සහතික පත් ලාභියෙකු වීමෙන් ඔබේ රැකියාව සුරක්ෂිත වනවා සේම ඔබේ ආයතනයටද වාසියක් සැලසේ.

ඔබේ ආයතනයේ සිස්කෝ තාක්ෂණය භාවිතා නොවේනම්, සිස්කෝ සහතික ලත් පරිගණක ජාලකරණ වෘතිකයෙක් වීම වාසි දායකද?

සරලවම කිව්වොත් 'ඔව්'. ඇයි ඒ ? කලින් කියවුනා වගේ සිස්කෝ කියන්නේ මේ ව්‍යාපාරයේ පුරෝගාමී ආයතනයයි. දැන් ඔවුන් Voice, Video, Security සහ Data Center (Cloud computing)යන තාක්ෂණයන් ඔස්සේද තම දෘඩාංග නිෂ්පාදනය කරගෙන් යයි. සිස්කෝ සමග තරඟ කරන ලොව සෑම ආයතනයක්ම මුලින්ම කරන්නේ සිස්කෝ විසින් නිපදවන ලද තාක්ෂණික මෙවලම් අධ්‍යනය කිරීමය. එක ඇත්තටම Linux මෙහෙයුම් පද්ධති Microsoft වල ඇති GUI එකට සමාන වෙන්න GUI එකක් හදනවා වගේ වැඩක්. මොකද Microsoft නිර්මාණ තුල ආකර්ශනීය GUI 1ක් තිබීම නිසා. නමුත් ඇත්තටම Linux වලත් ඉතා හොඳ දේවල් ඔවුන්ගේ GUI එකේ තිබුනත්, හැමෝගෙම ආකර්ෂණය Microsoft වලට තිබෙන නිසා ඔවුනුත් එය අනුකරණය කිරීමට සැරසෙයි.

සිස්කෝ විසින් නිර්මාණය කරන ලද ලොව අග්‍රගනයේ නිර්මාණයක් වන ඔවුන්ගේ නිපදවීම් මෙහෙයවන Cisco IOS (Internetwork Operating System) මෙහෙයුම් පද්ධතිය, මෙතෙක් කිසිඳු තරඟකාරී සමාගමකට නිපදවිය නොහැකි වූත් තවමත් නිපදවීමට උත්සාහ කරන නිර්මාණයකි. එහෙයින් ඔබ සිස්කෝ තාක්ෂණය ඉගෙන ගැනීම යනු අනෙකුත් සියලුම තරඟකාරී නිර්මාණ තුල ඇති ක්‍රියාකාරිත්වය ඉගෙන ගැනීමක් වැන්නය. සරලවම සිස්කෝ යනු පරිගණක ජාලකරණයේ මහා පොදු සාධකයයි. එය පරිගණක වැඩසටහන් නිර්මාණයට භාවිතා වන 'C' නැමති පරිගණක භාෂාව ඉගෙන ගැනීමක් වැනිය.

Post a Comment

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger