> Free Education and ඉංග්‍රීසි බස in Sri Lanka - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Friday, August 26, 2016

Free Education and ඉංග්‍රීසි බස in Sri Lanka

Free Education in Sri Lanka
ඉංග්‍රීසි යනු ශ්‍රී ලංකාවට සම්බන්ධීකරණ භාෂාවකි. කලින් කලට මාරුවන ප්‍රතිපත්ති අතර දෝලනය වන අපේ අධ්‍යාපනයේ පළමු වසරේ සිට වසර 13ක්, දිනකට විනාඩි 45ක් හෝ ඊට අඩු/වැඩි කාලයක් උගන්වන විෂයක් ලෙස ඉංග්‍රීසි බස හැඳින්විය හැක.

එලෙස ඉගෙන ගන්නා අපේ දරුවන්ට අවසානයේ ඉංග්‍රීසි බසින් විනාඩි 45ක් කතා කිරීමට හැකි පිරිස කොපමණ වේද ? සරලවම, අපි සහ අපේ දෙමාපියන්ද මෙලෙසින්ම වසර 13ක ආයෝජනයකින් පසුව ඉහත කී පරිසාධන මට්ටම ලඟා කර ගත්තාද? 

වසර 13කින් ලඟා කර ගත නොහැකි වූ ඒ හැකියාව වසරක් දෙකක් ඇතුලත අතිශය වෑයමකින් යුක්තව එම පරිසාධන මට්ටම ලඟා කරගෙන සිටින්නවුන් අනන්තය. 

එසේනම්, 'නොමිලේ අධ්‍යාපනයෙන්' (Free Education) නොහැකි වූ දෙය මුදල් ගෙවා ලබා ගත් අධ්‍යාපනයෙන් හැකි වුයේ කෙසේද? (Free යනු නොමිලේ මිස 'නිදහස්' නොවන වග අපට තවමත් සිතන්නට හුරුවී නැත.) මාස කිහිපයකින් ඉංග්‍රීසි කතා කිරීමට, ලිවීමට උගන්වන ආයතන බිහි වන්නේ ඒ අවකාශයේ අවස්ථාවන් සොයා නොවේද?

ඒ අන්කිසිවක් නිසා නොව, ක්‍රමවේදයේ වරදක් නිසා වෙන්මය....! 

පරම්පරා ගණනාවකට, සිසුන් ලක්ෂ ගණනකට භාවිතා කලේ එකම ක්‍රම වේදයකි. එම ක්‍රම වේදයේ ඇති විශාල අඩු පාඩු නිසා මිනිස් කාලය පැය කොටි ගණනක් අපතේ යැවීමට ඉහත කී Free Education සමත් වී ඇතත්, සම හරක් මෙය හුදෙක් සිංහල ජනතාවගේ නොහැකියාවක් සේ සලකාදෝ, ඉංග්‍රීසි බසින් ඉගන ගත යුතු තාක්ෂණය වැනි විෂයන් වල ඇති විෂයානුබද්ධ වචන මෙන්ම අන් සියල්ලක්ම සිංහලයට පරිවතනය කිරීමට ගන්නා උත්සාහය ලේනා මුහුද ඉහින්න ගත්ත උත්සාහය වැන්නකි.

http://www.doenets.lk/exam/downloads.jsf යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවේ ඇති දත්ත අනුව 2015 වසරේ අපොස සා/පෙ ඉංග්‍රීසි විෂය 45% ක් සහ අපොස උ/පෙ 39% සමත්වී ඇත. 

වසර 13ක අවසානයේ සිසුන් 100 කින් 39ක් අවම ලෙස සාමාන්‍යය (S) සාමාර්ථයක් ලබා ගන්නද රටක් ලෙස කටයුතු කරන්නේ?

ක්‍රමවේදයේ වරද නිවැරදි නොකොට දිගින් දිගටම වත්ත බදු දී ඇස්සට දත නියවීම, ගමට කැකිරි - කොළඹට කිරි යන සංකල්පය තවමත් ඉහල පුටුවල හොල්මන් කිරීමට ඇති හොඳ සාක්‍ෂියකි.

1 comment :

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger