> අපේ රටේ IQ අගය 28 වන ස්ථානයේ තිබීම මොනතරම් වාසනාවක්ද? - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Saturday, January 21, 2017

අපේ රටේ IQ අගය 28 වන ස්ථානයේ තිබීම මොනතරම් වාසනාවක්ද?

Brain Development in Childhood
ලොව වැඩිම IQ (දැනුමේ මිනුම් දණ්ඩ) වැඩිම රටවල් 5 ලෙස සටහන් වනේ;
1. හොංකොං (108)
1. සිංගප්පූරුව (108)
2. දකුණු කොරියාව (106)
3. ජපානය (105)
3. චීනය (105)
4. තායිවානය (104)
5. ඉතාලිය (102)

(https://iq-research.info/en/page/average-iq-by-country)

ඉහත කී සෑම රටකම පාහේ පූර්ව ළමා සංවර්ධනයේදී කායික වර්ධනය මෙන්ම මානසික සංවර්ධනය ගැන සමාන අවධානයක් යොමු කරන අතර, 28 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව තුල ඇති ක්‍රමවේදය තුල පූර්ව ළමා සංවර්ධනය තුල මානසික සංවර්ධනය පිලිබඳ ඇති යොමුව ඉතා අවම මට්ටමක පවතී.

සරලවම ගත හොත් ශ්‍රී ලංකාවේ තවමත් පවතින්නේ බඩ කට පුරවා, කර දඬු උස් මහත් කිරීමේ වෑයමක් මිස, අප උජාරුවෙන් කියන අනාගතයේ ලොව අතික්‍රමණය කල හැකි 'දැනුම' කේන්ද්‍ර කර ගෙන නොවේ.

හොංකොං පවුල් සෞඛ්‍ය සේවාවට අයත් වෙබ් අඩවියේ, ළමා සෞඛ්‍යට අදාල පිටුවේ (http://www.fhs.gov.hk/english/health_info/class_life/child/child.html) ඇති ළමා සංවර්ධනයට ඇති දේ සහ අපේ රටේ දෙමාපියන් දරුවාගේ වර්ධනය අනිවාර්යයෙන් සටහන් කල යුතු   සහ අනුගමනය කල යුතු පිටු 50කට අඩු "දරුවාගේ සෞඛ්‍ය සටහන් පොත" තුල ඇති පිටු අංක 29-34 දක්වා ඇති කරුණු අවම වශයෙන් කීදෙනෙකු අනු ගමනය කරනවා ඇත්ද ? (ඉහත සඳහන් පිටු 5 අතිශය තීරණාත්මක වුවද, වැඩි පිටු ගණනක් කායික සෞඛ්‍ය සඳහා වෙන් වුනු මේ පොතේ බොහෝ අය මානසික සංවර්ධනය පිලිබඳ අඩු අවධානයක් යොමු වීම නොමිලේම සිදු කරයි).

ළමා සංවර්ධනය පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් ඉහල නිළ තල වල සිටින ශ්‍රී ලංකාවේ, ප්‍රයෝගිකව ළමා සංවර්ධනය සිදු කරන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ අවසන් ශිෂ්‍යාවන් වන අපේ රටේ IQ අගය 28 වන ස්ථානයේ තිබීම මොනතරම් වාසනාවක්ද?

85% ක මොලයේ වර්ධන සිදුවන්නේ වයස අවුරුදු 5ට පෙරය. ඇමරිකාවේ අධ්‍යාපනයට වෙන් කරන මුළු මුදලින් 14% ක් පුර්ව ළමා සංවර්ධනයට යොමු කරන අතර, ශ්‍රී ලංකාවේ අගය නොදනිමි.

Post a Comment

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger