> Every Life is a Beautiful One - Sarada Hettiarachchi
LATEST POSTS

Events

Sinhala

Interests

Saturday, March 18, 2017

Every Life is a Beautiful One

"හැම ජීවිතයක්ම ලස්සනයි...! ඒත්, ටික කාලයයි...!"
Every Life is a Beautiful One

මාත් මගේ බිරිඳත් සුපිරි වෙළඳ සැලකට ගොස්, ඒ අසල ඇති සුරතල් මසුන් විකුණන වෙළඳ සැලකට ගොඩ විය. එහි සිටි වියපත් කාන්තාවක් අප හට අවශ්‍ය සුරතල් මසුන් වර්ගය ඇති ටැංකි පෙන්වීමට වහා ඉදිරිපත් විය. ඒ ඇගේ රැකියාවයි.

අවසානයේ අපි එහි සිටි මසුන් ජෝඩු කිහිපයක් මිලදී ගැනීමට සූදානම් වුනෙමු. ඉහත කී වෙළඳ සේවිකාව, කුඩා දැලක් රැගෙන ටැංකියේ සිටින මාළුන් කොටු කරගන්නා අතර තුර, අප ලස්සන මාළුන් වෙත ඇඟිලි දිගු කර ඇයට පෙන්විය.

ඇය අප පෙන්වූ ලස්සන මසුන් කොටු කර ගැනීමට වෙර දරමින් සිටින විට, මාගේ මුවින් "කොයි ජීවිතෙත් ලස්සනයි" යැයි කියැවුණේ ලොකු අදහසක් ඇතුව නොවුනද, එහි ඇති වටිනාකම වැටහුනේ ඉහතකී මහලු වෙළඳ සේවිකාව එකතු කල වචන කිහිපයෙනි. "ඒත් ටික කාලයයි පුතේ". ඒ වචන කිහිපය මගේ වාක්‍යය සම්පුර්ණ කළා සේ දැනුණු අතර ජිවිතයේ ඇති රස මෙන්ම කෙටි බව ඉතාම කෙටියෙන් කියවුණු ඉතා රහ ක්ෂණයක් ලෙස හැඟුනි.

තවමත් මා හට ඇති වික්ෂිප්තය වන්නේ, වෙළඳ සහයිකාවක් වන ඇය කෙසේ ඒ දැනුම එකතු කර ගත්තේද ? එහි ඵල ප්‍රයෝජන සමාජය උකහගන්නේද? යන්නයි. සහතිකයක් නැතත්, සහතිකයි බොහෝ සහතික ඇති අයට වඩා දැනුම ඇති බව.

2 comments :

  1. I’m excited to uncover this page. I need to to thank you for ones time for this particularly fantastic read !! I definitely really liked every part of it and i also have you saved to fav to look at new information in your site.
    data science course in malaysia
    best tableau training
    data analytics course malaysia
    360DigiTMG

    ReplyDelete
  2. i have information regarding data science course please open the follow link
    https://360digitmg.com/india/data-science-using-python-and-r-programming-in-chennai

    ReplyDelete

 
Copyright © 2018 Sarada Hettiarachchi
Thanks to Premium Themes and Blogger